hit counter

2026 ඔක්‍තෝබර් මස 12 වන සඳුදා

2024 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:09



රිලවුන් වඳුරන් අලි සිදුකරන වගා හානිය අද ගොවි ජනතාවට විශාල ගැටළුවක් වී ඇතැයි සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂ මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසන්නේ මේ ආකාරයට ගියහොත් රිලව් කොළඹට ඇවිත් පරිසර වේදීන්ගේ ද බත් මුට්ටිය උස්ස ගෙන යනු ඇති බවයි.

එහෙයින් ඇමැති කේ.ඩී. ලාල්කාන්ත සිදුකළ ප්‍රකාශය පිළිගත නොහැකි වුව ද එම සංකල්පයට එකඟ බවයි. මෙම ප්‍රශ්නය විසඳීමට ගොවි ජනතාවට තුවක්කු ලබා දිය යුතු යැයි තමන් එදා පැවසූ විට ඇමති ලාල්කාන්තගේ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න එදා සිනාසිනු බව ද හෙතෙම කියයි.

පරිසරවේදීන්ට අනුව ප්‍රශ්න විසඳිය නොහැකි බවත් රටේ සත්ව ගහනය පාලනය කිරීම යම් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් නලීන් බණ්ඩාර පෙන්වා දෙයි.

විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: