hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:09



නාමල් රාජපක්ෂ බබා වෙන්න හදන්න එපා බවත් එම වගකීමෙන් මිදෙන්න බැරි බවත් රට ඉදිරියේ ජනතාවගෙන් සමාව ගත යුතු බවද ඉන්ද්‍රානන්ද ද සිල්වා සඳහන් කරයි.

ඉන්ද්‍රානන්ද ද සිල්වා සඳහන් කළේ,

“නාමල් රාජපක්ෂට අපි කියනවා ඔයා බබා වෙන්න හදන්න එපා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කියනවා, ඔවුන් පස්සේ පන්නනවලු. දැන් ඔවුන් පස්සේ පන්නනවා කියන්නේ මොකක්ද.?

ඉතාම පැහැදිලියි මිද්දෙනියේ ගෙදරට මේක ගෙනාවේ, කියලම තියෙනවා ඒ ඒ කාන්තාව එයාගේ අයියා. අයියා කවුද.? අයියා කියන්නේ නාමල්ලගේ පක්ෂයෙන් මේ සැරෙත් ඡන්දය ඉල්ලපු හාදයා.

එතකොට නාමල් ඇවිල්ලා බබා වගේ කියනවා, ආණ්ඩුව කර්මාන්ත ශාලාවක් දාලලු නුවරඑලියේ අයිස් නිෂ්පාදනය කරන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අයිස් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවට අදාළ ද්‍රව්‍ය ටික අරන් ගිහින් තියෙන්නේ කවුද.?

අරන් ගිහින් තියෙන්නේ ඔයාගේ පක්ෂය, පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක්. පොඩි මිනිහෙක් නෙමෙයි. ඡන්දෙ ඉල්ලපු අපේක්ෂකයෙක්. ඒ වගකීමෙන් මිදෙන්න ඔහේලට බෑ. ඔහේලත් දැන් රට ඉදිරියේ ජනතාවගෙන් සමාව ගන්න ඕන.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්ද්‍රානන්ද ද සිල්වා මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: