hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 29, ප.ව. 12:19



2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සඳහා වන සංශෝධන සම්බන්ධයෙන් ඊයේ (28) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතියන් ලැබී තිබෙනවා.

ඒ අනුව එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටයි.

ඉන් අනතුරුව එය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණා.

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා 2024.01.01 දින සිට ක්‍රියාත්ම වන පරිදි සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය අහෝසි කිරීම සඳහා 2023.06.05 දින පැවැති ආමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදෙන ලදි.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද ලැබී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: