hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 12, පෙ.ව. 12:02



විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට මුදල් අමාත්‍යාංශයෙන් ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ මෙම විශ්‍රාමිකයින් ලැබූ විශාල ජයග්‍රහණයක් බවය.

“වසර ගණනාවක් පුරා ප්‍රමාදවෙමින් පවතින විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා වූ මුල්‍යමය අර්බුදයකට අපි මුහුණදුන්නා. ඒ අර්බුදය ලිහිල් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් අතර දීර්ඝව පැවැති සාකච්ඡාවන් නිසා ක්‍රමනුකූලව මෙය ලිහිල් කරගැනීම සඳහා වූ කාර්යට අවතීර්ණය වෙන්න පුළුවන් වුණා. ඒ අනුව 2023 දෙසැම්බර් මාසය මුදල් අමාත්‍යාංශය විසින් අපිට මුල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීම විශ්‍රාමිකයින් මුහුණදුන් විශාල ජයග්‍රහණයක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: