hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 24, පෙ.ව. 12:02



නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සමග දුරකථන ඔස්සේ කතා බස් කළ පුද්ගලයන් පනස් දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලීසිය සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඇය භාවිතා කරන ලද ජංගම දුරකථනය ඔස්සේ සිදු කරන විමර්ශන වලට අනුව මෙම ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.

දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව ඇය මෙතෙක් ප්‍රකාශිත වත්කම් වලට වඩා තවත් වැඩි වත්කම් ප්‍රමාණයක් ඇතැයි හෙළි වී ඇත.

ඇයට දේපළ සහ වත්කම් තරම් විශාල ප්‍රමාණයක් ලැබුණු ආකාරය අනාවරණය කර ගැනීම සඳහා අධිකරණ නියෝග මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරන්නේ නීති විරෝධී වත්කම් දේපළ පිළිබඳ පොලිස් කොට්ඨාසය විසින්.

මේ අතර, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘ලොලියා’ ආයතනය මගින් සිදුකර ඇති ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, මුහුණ ඇතුළු සම සුදු කරන ආලේපන අලෙවි කරන ව්‍යාපාරයක් වන පියුමි හංසමාලිගේ ලොලියා ආයතනය සම්බන්ධයෙන් සමාගම් රෙජිස්ටාර් කාර්යාලය මගින් එම ව්‍යාපාරයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් වාර්තා ලබාගත් බවයි.

මෙම සිද්ධීන් පිළිබඳව සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට නියම කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: