hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 අගෝස්‍තු 26, පෙ.ව. 2:18



පෙර පාසලක් ආරම්භ කිරීමේ දී එය නීති රාමුවකට යටත්විය යුතු බවත්, පෙර පාසල් ගුරුවරිය උපාධිධාරිනියක් විය යුතු බවත් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, පෙර පාසල් පවත්වාගෙන යෑමේදී යම්කිසි නියාමනයන්ට යටත්ව එය සිදුකළ යුතු බවයි.

මේ අතර පෙර පාසල් ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට රජය තීරණය කර ඇති බවත් ඔවුන්ව ජපානය, ස්විස්ටර්ලන්තය වැනි රටවලවලට යවා විධිමත් පුහුණුවක් ලබාදීම අවශ්‍යය බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

“පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ අපේ රටේ විශේෂ අවධානයක් යොමු වන්නේ නැහැ. ඒ නිසා, ඒ පිළිබඳ පෙර පාසල් ගුරුවරුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ජපානය, ස්විස්ටර්ලන්තය වැනි රටවල මෙන් පෙර පාසල් ගුරුවරුන්ගේ පුහුණු මට්ටම ඉහළ තත්ත්වයකට ගෙන ආ යුතුයි. ඒ වගේම ඔවුන්ව ජපානය, ස්විස්ටර්ලන්තය වැනි රටවලවලට යවා විධිමත් පුහුණුවක් ලබාදීම අවශ්‍යයි.” යනුවෙන් අමාත්‍යවරිය සඳහන් කළා.

“ඇතැම් පෙර පාසල්වල සහාය ගුරුවරියන් සිටිනවා. සමහර විට එම සහය ගුරුවරිය සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිටි අයෙකු විය හැකියි. ප්‍රධාන ගුරුවරිය සමඟ දීර්ඝ කාලයක් සේවය කිරීමේ අත්දැකීම ඔවුන්ට තිබෙනවා. එනිසා ඔවුන්ටත් හොඳ පුහුණුවක් මෙන්ම වැටුපක් ලබාදීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරනවා. ගුරුවරයාගේ මානසිකත්වය නිසියාකාරව තිබිය යුතුයි. පූර්ව ළමාවිය සංවර්ධනය ඉහළ දැමීමටත් එය පිටිවහලක් වෙනවා.” යනුවෙන් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: