hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 1:19



කිව්ආර් ක්‍රමවේදය පසුගිය වසරේ හදුන්වාදීමේ අරමුණ වූයේ, ඒ අවස්ථාවේ පැවති ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස පැවති සම්පත් කළමනාකරණය කරමින් බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කිරීමට බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දෙනවා.

ඒ අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ , ජාතික ඉන්ධන අවසර පත් ‘කිව්ආර්’ ක්‍රමවේදය ඉදිරියේ දී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමඟ වැඩිදියුණු කර දත්ත එක්කිරීම සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිත කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ , QR ක්‍රමවේදය හරහා පැවති සමාජයීය සහ ආර්ථික ගැටලු කළමනාකරණය කර, ඇතිව තිබූ අර්බුදයන් අවසන් කිරීමටත් ජන ජීවිතය ස්ථාවර කර ගැනීමටත් හැකිවූ බවත් , පෙරේදා දින වන විට කිව්ආර් ක්‍රමවේද පද්ධතියේ ලක්ෂ 65ක් ඉක්මවූ පිරිසක් සහ රථ වාහන සංඛ්‍යාවක් ලියාපදිංචිය සහ එම පද්ධතිය හරහා ඉන්ධන බෙදා හැරීමේ ගනුදෙනු ලක්ෂ 3,500ක් ඉක්මවා සිදුකර තිබෙන බවත්ය.

කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, QR කේතය තවදුරටත් අවශ්‍ය නොවන්නේ, පසුගිය කාලය තුළ රජය විසින් ගත් ප්‍රතිපත්ති තීරණ, හඳුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය, ඉන්ධන වෙළෙඳපොළට නව බෙදුම්කරුවන් එකතු වීම යන කරුණු මඟින් ඉන්ධන ආනයනයට අවශ්‍ය මූල්‍ය අවශ්‍යතාවන් කළමනාකරණය වී ඇති බැවින් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: