hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 12, පෙ.ව. 2:33



ලෝකයේ ඉන්ධන සම්බන්ධයෙන් මේ වන විට ඇති වී තිබෙන ටලුකාරී තත්ත්වයක් මත ශ්‍රී ලංකාව තුල ඉන්ධන මිල ඉහළ යනු ඇති බව බවත් ඒ හා සමගම විශාල පිම්මකින් භාණ්ඩ මිලද ඉහළ යනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරනවා.

උත්තර ලංකා සභාග හමුවකින් පසු මාධ්‍ය වෙත මන්ත්‍රීවරයා මෙසේ මෙම අදහස් පල කළා.

මේ සඳහා එකම පිළිතුර ඉන්ධන මිල ඉහළ දැමීම නොවන බවත් නැවතත් ඉන්ධන කෝටා ක්‍රමයට යා යුතු වනු ඇති බවද හෙතෙම පෙන්වා දෙනවා.

ලෝකයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය, ඉදිරියේදී පැමිණෙන ශීත දේශගුණ තත්ත්වය, ඉන්ධන ප්‍රවාහනයට අය කරන රක්ෂණ ගාස්තු ඉහළ යාම, ඉන්ධන සැපයුම අඩුවීම වැනි කාරණා හරහා ඉන්ධන මිල ඉහළ යනු ඇති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: