hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:16



මේ වන විට නවක වදය සම්බන්ධ චෝදනාවලට වැරදිකරුවන් වූ විශ්වවිද්‍යාල සිසුන් 57 දෙනෙකුගේ පංති තහනම් කර තිබෙන බව වාර්තා වනවා.

පසුගිය මාස 12 තුළ නවක වදය සම්බන්ධ සිද්ධි 36 ක් වාර්තාවී ඇති බවයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසුවේ.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ සියළුම සිද්ධි සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයකින් අනතුරුව අවම දඬුවම් ලබාදී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එම සිසුන් වැරදි පිළිගන්නා ඕනෑම අවස්ථාවක යළිත් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා අවස්ථාව ලබාදෙන බවයි.

ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ අදහස් පලකළේ, නවක වදය පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා හඳුන්වා දුන් 0769736357 හදිසි දුරකතන අංකය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: