hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 27, පෙ.ව. 12:00



මේ දිනවල පවතින තද සුළං තත්ත්වය අද (27) දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිරිතදිග වැසි මෝසම් සක්‍රීය වීම, මෙම සුළං හා වැසි තත්ත්වයට හේතුවී ඇත.

මේ අනුව ඇතැම් විටෙක සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70-80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවා.

පැවති තද වැසි තත්ත්වය තාවකාලිකව අඩු වුවත් ලබන සැප්තැම්බර් මාසය දක්වා නිරිත දිග වැසි මෝසම සක්‍රීයව පවතින බැවින් විටින් විට වැසි ඇද වැටීමට ඉඩ ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: