hit counter

2026 සැප්‍තැම්‍බර් මස 03 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:00



ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: