hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 08, ප.ව. 7:08



සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

COP 27 දේශගුණික විපර්යාස සමුළුව ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි (Abdel Fattah El-Sisi) සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටරේස් (António Guterres) යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් හි දී අද (08) පැවැත්වුණා.

සමුළුව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ගැටලු උග්‍ර වී ඇති බවත් ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරන අතරම ආර්ථික දියුණුව උදාකර ගැනීමේ ද්විත්ව සටනක එම රටවල් නියැලී සිටින බවත්ය.

එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදුවන අලාභය සහ හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කිරීම මගින් ග්ලාස්ගෝහිදී ඔවුන්ගේ ප්‍රතිඥාව ඉටු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ඒ අනුව, දේශගුණික අවදානම් සංසදය විසින් යෝජනා කර ඇති පරිදි, ඉදිරි ප්‍රතිචාර සඳහා ජාත්‍යන්තර දැනුවත්භාවය ශක්තිමත් කිරීම සඳහා මෙම අංශය පිළිබඳ විශේෂ වාර්තාවක් සකස් කිරීම සුදුසු බව ජනාධිපතිවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: