hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 25, ප.ව. 4:25



අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් අද (25) සමාව අයැද සිට තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පළමු නඩුවට හා දෙවන නඩුවට අදාළව අධිකරණයෙන් මෙසේ සමාව ඉල්ලා සිටින බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වෙනවා.

තමන් සිදුකළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බව ත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලු දෙනාට අගෞරවයක් ඇතිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව ත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.

තමා විසින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය බව ත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බවට ත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවට ත් රාමනායක මහතා අධිකරණයට ලබා දුන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා.

2017 අගෝස්තු 21 වන දා අරලිය ගහ මන්දිරයෙන් පිටත සිදු කළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 වන දින ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කරනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: