hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 16, පෙ.ව. 1:26



අයවැය ලේඛනයත් පහසුවෙන් සකස් කරන්න පුළුවන් කාරණයක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ කෑගල්ලේ දී පැවති මාධ්‍ය හමුවක දීයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

“මේකත් අපහසු අයවැයක්. මොකද අපි ඉතාමත් අසීරු තැනක ඉදලා, මේ වර්ෂයෙත් පළමු කාර්තු දෙකම සෘණ ආර්ථිකයක් තිබුණේ. සංකෝචනය වුණා. බලාපොරොත්තු වෙනවා දෙවන කාර්තු දෙක යම් ආකාරයකට වෙනස් වෙයි කියලා. එතන ඉදගෙන තමයි 2024 වර්ෂය සඳහා වියදම් සහ ආදායම් තක්සේරු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ අයවැය ලේඛනයත් පහසුවෙන් සකස් කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. ඉතාම ඉහළ මුල්‍ය කළමනාකාරිත්වයක් යොදලා. ඉතාම ඉහළ වියදම් පිළිබඳ වූ පෙළගැස්මක් සහිතව කිරීමට අපිට සිද්ධ වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා අපිට කෙටිකාලයක් තුළ මේ ප්‍රතිව්‍යූහගතකරණය කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි දැනට සකස් කරගෙන තියෙන ඉලක්කත් එක්ක අපිට අයවැය ලේඛනය සකස් කරන්න පුළුවන්”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: