2024 නොවැම්‍බර් 19, ප.ව. 4:01
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම්කර සිටින රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
ඔහුගේ නිවස ආසන්නයේ යම් කලබලයක් ඇතිවිය හැකි බවට ලද තොරතුරක් මත මෙලෙස දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට දිස්ත්‍රික් ආසන 03ක් හිමිවු අතර ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් ද හිමිවුණා.
ඉන් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා රවී කරුණානායක නම් කර තිබුණේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂ ලේකම්වරිය විසින්.
ඇය මේ බව මැතිවරණ කොමිසමට දන්වා තිබු අතර ඒ අනුව ඊයේ (18) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව විසින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස රවී කරුණානායකගේ නම ගැසට් කර තිබෙනවා.
කෙසේ වෙතත් පක්ෂ ලේකම්වරිය විසින් ඔහුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම්කර ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඒකාබද්ධ පක්ෂවල කිසිඳු අනුමැතියකින් තොරව බවටයි වාර්තා වන්නේ.
ඒ සම්බන්ධයෙන් ලේකම්වරිය අන්නෝමතික ක්‍රියාකර ඇති බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී තිබෙනවා.
එම පෙරමුණ නියෝජනය කරන පක්ෂ කිහිපයක්ම පවසා ඇත්තේ රවී කරුණානායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කිරීම නිත්‍යානුකුල නොමැති බවයි.
පාර්ශ්ව රැසක් රවි කරුණානායකගේ නම පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා මතු කර ඇති බවද සඳහන්.
ඒ සම්බන්ධයෙන් විරෝධය පළකළ අසාද් සාලි කියා සිටියේ රවීගේ නිවස වටලා මෙම තීන්දුව යළි හරවා දැමීමට කටයුතු කළ යුතු බවයි.
ඒ හේතුවෙන් අද දිනයේදී යම් කලබලයක් ඇති වෙතැයි අනුමාන කර, රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට මෙලෙස දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව වැඩිදුරටත් වාර්තා වනවා.
2025 ජනවාරි 27, ප.ව. 6:07
2025 ජනවාරි 27, ප.ව. 5:37
2025 ජනවාරි 27, ප.ව. 5:24
2025 ජනවාරි 27, පෙ.ව. 11:29
2025 ජනවාරි 27, පෙ.ව. 10:56
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
27-01-25
26-01-25
26-01-25
26-01-25
26-01-25
26-01-25
26-01-25
26-01-25
26-01-25
25-01-25
25-01-25