hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:06



බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක් සහ අනෙකුත් ආගම් නියෝජනය වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශයක් නැවත ස්ථාපිත කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු සසුන ශක්තිමත් කර ආරක්ෂා කිරීමට ඉහළතම ස්ථාවරයක් ලබා දී ඇතැයි කී විපක්ෂ නායකවරයා බුද්ධශාසන අමාත්‍යාංශයක් ස්ථාපිත කිරීම ලැජ්ජාවට කරුණක් නොවන බව සඳහන් කළේ ය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස බුද්ධශාසන අමාත්‍යාංශයක් සහ බුද්ධශාසන අරමුදලක් ඇති කර සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමට රාජ්‍ය නායකයා ලෙස වගකීම ඉටු කළ බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

ඓතිහාසික තන්තිරිමලේ රජමහ විහාරස්ථානයේ කඨින පුණ්‍යකර්මයට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව කීවේය.

සෑම අතකින් ම සම්බුද්ධ ශාසනය විවිධ බලවේග හා අභියෝගවලට ලක් වෙමින් ඇතැයි කී විපක්ෂ නායකවරයා විජාතික කණ්ඩායම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ ධර්මය විකෘති කරමින් සිටින බව ත් ඒ අනුව බුද්ධශාසන කැබිනට් අමාත්‍යාංශයක අවශ්‍යතාව රටට තදින්ම දැනී තිබෙන බව ත් පැවසීය.

අද වැනි යුගයක බෞද්ධ සියලු දෙනාගේ පූර්ණ අවධානය සම්බුද්ධ ශාසනයේ උන්නතිය හා චිරස්ථිතිය උදෙසා ක්‍රියාත්මක කළ යුතු නමුත් වත්මන් ආණ්ඩුව ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නැතැයි හෙතෙම සඳහන් කළේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: