2024 අප්‍රේල් 02, පෙ.ව. 12:03
යාපනය තෙලිප්පලෙයි යුනියන් විද්‍යාලයේ පැවති වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙදී ක්‍රීඩා නිවාස දෙකක් අලංකාරය සඳහා යොදා තිබූ රූප සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.
යුනියන් විද්‍යාලයේ පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩා නිවස දෙකක් විසින් ඒක් ක්‍රීඩා නිවාසයක් යුද සමයේදී භාවිතා වූ යුද ටැංකියකට සමාන රූපයක් යොදාගනිමින් සහ යුද සමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් එම සංවිධානයේ ජාතික පුෂ්පයට සමාන ලෙසින් සැලකූ නියගලා මලක් ආකාරයට තවත් ක්‍රීඩා නිවාසයක් නිර්මාණය කිරීම මෙම පරික්ෂණයට හේතු වී ඇත.
මේ කරුණ මුල්කර ගනිමින් 31 දින ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම පොලිස් නිලධාරීන්ද තෙලිප්පලෙයි යුනියන් විද්‍යාලයට ගොස් ඒ් පිළිබඳව පාසලේ ගුරුවරුන් හා විදුහල්පතිවරයා සම්බන්ධකරගනිමින් විමසීමක් සිදු කර ඇත.
පසුව තෙලිප්පලෙයි පොලීසිය විසින් පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකුට අදාල ක්‍රියාව සම්බන්ධයෙන් යම් පරික්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බව පවසා තෙලිප්පලෙයි පොලීසියට පැමිණෙන ලෙසටද දැනුම් දී ඇත.


2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 9:53
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:10
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:09
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:08
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:07
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26
11-10-26