hit counter

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 18, පෙ.ව. 12:09



වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම 16 සිදුව තිබෙනවා.

ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතරයි.

මෙරට වතුකර ප්‍රජාවන් හී ඩිජිටල් පරතරය පියවීම සඳහා ගත හැකි පියවරක් ලෙස නුවරඑළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල වතුකර පාසල් සඳහා මෙම ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

වතුකර පාසල් හී අධ්‍යාපනයේ ගුණාත්මකභායට ඉහල නැංවීම මෙහි තවත් අරමුණක් වන අතර ඒ සඳහා ඉන්දීය රජයෙන් ත්‍යාගහීලි මුදල් ආධාරයක් ලෙස රුපියල් මිලියන 508ක් ලබා දී ඇති අතර මෙම ස්මාර්ට් පන්ති කාමර වෙනුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 115ක මුදලක්ද වෙන් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: