hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:25



දිවයින පුරා පිහිටා ඇති සුපිරි වෙළෙඳසැල් රැසක මේ වනවිට පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙළ හා පුහුණු වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.

එහි සේවක පිරිසට අදාළව නව නීතිරීති මාලාවක් හඳුන්වා දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව, සේවකයන් හා ආයතන ප්‍රධානීන් සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ හා පුහුණු මධ්‍යස්ථාන තුළ මෙම පුහුණුවීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

ආයතන පරිශ්‍රය තුළ පාරිභෝගිකයාට ගරු කිරීමට හා ඔවුන්ට අවශ්‍ය සේවාව සැපයීමට මෙහිදී විශේෂ පුහුණුවක් දීමට සූදානම් කර ඇති බව සඳහන්.

පසුගිය 22 වන සිකුරාදා බොරැල්ලේ පිහිටි සුපිරි වෙළෙඳසැලක දී කාන්තාවට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් වාර්තා වුණා.

ඉන් අනතුරුවයි සුපිරි වෙළෙඳසැල් මෙම තීරණය ගෙන ඇත්තේ.

එම සිද්ධියෙන් පසුව තම සමාගමට අයත් නිල ඇඳුම සහිතව ආයතනය තුළ හෝ වෙනත් ස්ථානයක ගැටලුකාරී ලෙස හැසිරෙන ඕනෑ ම සේවකයෙකුට විරුද්ධව නීතිමය පියවර ගැනීමටද සුපිරි වෙළෙඳසල් බොහොමයක් තීරණය කර තිබෙනවා.

මෙම විශේෂ පුහුණුව සේවයේ නියුතු සියලු ම නිලධාරීන්ට හා සේවකයන්ට ලබා දීමට තීරණය කර ඇති අතර පුහුණු වන නවකයන්ට ද මෙම විශේෂ පුහුණුව දීමට සුපිරි වෙළෙඳසල් ආයතන හිමි සමාගම් බොහොමයක් තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: