hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 20, පෙ.ව. 3:27



අධ්‍යාපන අමාත්‍යංශය දී ඇති ස්ථාන මාරු අනුව කටයුතු නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවා.

පාසල් තුළ පවතින පුරප්පාඩු පිළිබඳව අවදානය යොමු කර මෙම තීරණයට එළබී බවත් ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා කීපයකදී ගුරුවරු දැනුවත් කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළා.

එහෙත් ඒ පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් තමා පෙර සිටි පාසල්වලම සේවය කරන බවට පැමිණීලි ලැබී ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඇතැම් ගුරුවරුන් සේවා අවශ්‍යතාව මත දැනට සිටින පාසල්වලම රඳවා ගැනීමට විදුහල්පතිවරුන් ඉල්ලීම් කර ඇති අතර එවැනි ගුරුවරුන්ට මෙම තීරණය බලාත්මක නොවන බවයි පැවසෙන්නේ.

අතිරික්ත ගුරුවරුන් සිටින පාසල්වලින් හිඟව පවතින පාසල්වලට අනියුක්ත කිරීමේ වැඩපිළිවෙලක්ද මේ වනවිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

පවතින ගුරු පුරප්පාඩු පිළිබඳ සැලකිල්ලට ලක් කර මෙම තීරණය ක්‍රියාත්මක බව අමාත්‍යාංශය ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: