hit counter

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා

2025 ජනවාරි 25, පෙ.ව. 12:21



සහල් ප‍්‍රශ්ණයට හේතුව සොයාගෙන ඊට විසදුම් ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී තුෂාරි ජයසිංහ මහත්මිය පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

“ජාතික ජන බලවේගය කියන්නේ කාර්යක්ෂමව කටයුතු කරන පක්ෂයක්. ගැටලුවක් දැක්කොත් අපි ඒ ගැටලුවට ඉක්මනින් පිළිතුරු සොයනවා. අපිට පුළුවන් වෙලා ඵතයෙනවා සහල් හිඟයට කාර්යක්‍ෂමව පිළිතුරු දෙන්න. සහල් හිඟය ඇතිවෙන්න හේතුවෙලා තිබුණෙ ඒ අදාළ ක්‍රම වේදය සකස් කර නොතිබීම.

පසුගිය 19 සහ 20 යන දිනවල යුද හමුදාව විසින් වී ගබඩා 30ක් අලුත්වැඩියා කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා වල් වැදිලා භාවිතයෙන් අත්ඇරීලා තිබෙන වී ගබඩා 209ක් පිළිසකර කරලා භාවිතයට ගන්න. නිකම් සහල් නිෂ්පාදනය කළාට වැඩක් නැහැ ඒවා ගබඩා කරන්න බැරිනම්. වී නිෂ්පාදකයන්ගෙන් වී ගන්න නම් වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: