hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 09, ප.ව. 12:44



අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ම ආදායම් බදු අංක ලබා දීමේ කටයුතු වහාම සරල කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යලවල ඊට අදාළ පහසුම් සැලසිය යුතු බවයි.

ඒ සඳහා වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන් ම රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, රජයේ බැංකු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාතමේන්තුව වැනි ස්ථානවල ද ඊට අදාළ කවුන්ටර් විවෘත කිරීමට අදාළ කටයුතු ද සොයා බැලිය යුතු බවයි.

TIN අංකය ලබා දීම කාර්යක්ෂම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු, රාජ්‍ය පරිපාලන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේ.

මීට පෙර ඉන්ධන ලබා ගැනීමට අදාළ QR කේත නිකුත් කිරීමේ දී කටයුතු කළ ආකාරයටම කාර්යක්ෂම ක්‍රියාවලියක් මෙහෙ දී ද අපේක්ෂා කරන බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

විශේෂයෙන් ම දැනට මාර්ගගතව ලියාපදිංචිවීමේ අයදුම් පත්‍රය තවදුරටත් කෙටි කිරීම සහ අංකය ලබා ගැනීමට දැන ගතවන දින පහක පමණ කාලය කෙටි කිරීම පිළිබඳව ද මෙහි දී අවධානය යෙමු වූ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් කියා සිටියේ, රාජ්‍ය පරිපාලන, දේශීය ආදායම් නිලධාරීන් විසින් ඊට අදාළ නීතිමය පියවර ඉදිරියේ දී ගැනීමට නියමිත බවයි.

ලියාපදිංචි වීමට මෙතැනින් පිවිසෙන්න https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: