hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:06



වාහන ආනයන තහනමෙන් පසු විශේෂ කටයුතු සඳහා පමණක් වාහන 6,900කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

යටියන්තොට මලල්පොල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මේ බව ප්‍රකාශ කළා.

එම වාහනවලින් 3,000ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට රැගෙන ආ ත්‍රිරෝද රථ හා ජීප් රථ බව මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළා.

එසේම ගිලන් රථ, පොදු ව්‍යාපෘතිවලට අවශ්‍ය රථ, තානාපති කාර්යාලවලට අවශ්‍ය රථ ආදි පොදු අවශ්‍යතාවයන්ට හැරුණූකොට වෙනත් කිසිදු වාහනයක් ගෙන්වීමට අවසර ලබා නොදුන් බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ අතර පියවරෙන් පියවර ආනයන තහනම ඉවත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, මේ වන විට වාහන අමතර කොටස් ගෙන්වීමට තිබු තහනම සම්පූර්ණයෙන් ඉවත් කර ඇතැයි ද පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: