hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 31, ප.ව. 3:26



කූඨ ව්‍යාපාරිකයින් විසින් වාහන හිමියන් රවටමින් විවිධ බාල නිෂ්පාදන අලෙවි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ව්‍යාපාරිකයින් ඉලක්ක කර සංවිධාන කරනු ලබන “සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක්” නම් වැඩසටහනේදී මේ පිළිබඳව දැනුවත් කෙරුණා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතා,

“ජනතාවගෙන් සෑම කෙනෙක්ම වගේ මෝටර් රථයක් හෝ යතුරුපැදියක් භාවිත කරනවා. මෙවට භාවිත කරන ලිහිසි තෙල් හෝ ග්‍රීස් වර්ග පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත්භාවයක් නැහැ. ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් මෑතකදී නිකුත් කරනු ලැබුවා.” 

“ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව පාවිච්චි කරන ලබන ලිහිසි තෙල් නැවත වතාවක් පිරිපහදු කරලා වෙළෙඳපොළේ විකිණීමට තියෙනවා. ඒ වගේම ග්‍රීස්වලට පිටි මිශ්‍ර කරලා නිෂ්පාදනය කරලා වෙළෙඳපොළේ විකිණීමට තියෙනවා. මේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයෝ දැනුවත් නැහැ. මේ වගේ කාරණා ගණනාවක් සම්බන්ධයෙන් පාරිභෝගිකයින් දැනුවත් වෙන්න තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: