hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 6:55



රියැදුරු බලපත්‍ර සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කිරීමට තවත් මාස හයක පමණ කාලසීමාවක් ගතවිය හැකි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවා.

මෙම අකුසලතා ලකුණු ක්‍රමවේදය වසර ගණනාවක සිට ආරම්භ කිරීම අතපසුවී ඇති බවත් මේ වන විට මේ සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති නමුත් ලක්ෂ අසූපහකට ආසන්න රියැදුරු බලපත්‍ර ප්‍රමාණයක් දත්ත පද්ධතියට ඇතුළත් කිරීමේ කටයුතු තවමත් සිදුවන බැවින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වන බව හෙතෙම සඳහන් කළා.

ගුණාත්මක රියැදුරකු බිහිකිරීමේ අරමුණින් මෙම ක්‍රමවේදය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ හරහා රිය අනතුරු සිදුවීම අවම කරගත හැකි බවයි.

ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත මෙම ක්‍රමවේදය හරහා රිය පැදවීමේදී සිදුවන වැරදි 32කට අදාළව ලකුණු කැපීම් සිදුවන බවත් ලකුණු 24ක් කැපී ගිය පසු ආදාළ රියැදුරුගේ රියැදුරු බලපත්‍රය වසරක කාලසීමාවක් සඳහා අත්හිටුවීමටත් නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: