hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූනි 05, පෙ.ව. 9:58



ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා කාණ්ඩ යටතේ වීසා නිකුත් කිරීම හරහා රටට අතිවිශාල ආදායමක් අලුතින් එක්ව තිබෙනවා.

සංචාරක පැමිණීමේද කැපීපෙනෙන වර්ධනයක් සිදුව ඇත.

2023 වසරේ මැයි මාසය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 83442ක්. ඊට සාපේක්ෂව 2024 මැයි මාසයේ සංචාරකයින් 114285ක ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇත.

මේ අතරින් සංචාරකයින් 16878ක පිරිසක් පැමිණ ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලද නව වීසා කාණ්ඩ යටතේ වීම විශේෂිතයි.

පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් VFS ආයතනය සමඟ එක්ව මෙම කටයුතු සිදුකරන අතර මෙවැනි කැපී පෙනෙන වර්ධනයක් සිදුව තිබීම අතිශය සුවිශේෂී වනු ඇත.

ඩොලර් 75ක් අය කරන මාස හය වීසා කාණ්ඩය යටතේ 14962ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.
වසරකට ඩොලර් දෙසීයක් අය කෙරෙන වීසා කාණ්ඩයට අයත් 1505ක සංචාරකයින් පිරිසක්ද,සංචාරකයින් 333 දෙනෙකු ඩොලර් 300 ක් අය කරනු ලබන වසර තුනක වීසා කාණ්ඩය යටතේ මෙරටට පැමිණ තිබෙනවා.

පිළිවෙළින් වසර පහ සහ දහය සඳහා ඩොලර් 500 සහ ඩොලර් දහස බැගින් අය කරන වීසා කාණ්ඩ යටතේ මෙරටට සංචාරකයින් 53ක් සහ 25ක් වශයෙන් පැමිණ ඇත.

මේ තුළින් රටට හිමිවී ඇති අතිරේක ආදායම ඩොලර් මිලියන එකයි දශම පහ ඉක්මවන අතර එය රුපියල් වලින් මිලියන 500කට ආසන්නය.

විවිධ බාධා අභියෝග මධ්‍යයේ වුවද ගනු ලැබූ සෘජු තීන්දු තීරණ හේතුවෙන් අප රටට අතිරේක රුපියල් මිලියන 500කට ආසන්න ආදායමක් හිමිවීම මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය මනාව පිළිබිඹු කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: