hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:03



අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත පැය 15ක ජල කප්පාදුවක් පිළිබඳ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව අද (21) පස්වරු 5.00 සිට හෙට (22 ) පෙරවරු 8.00 දක්වා පැය 15ක කාලයක් සදහා මෙම ජල සැපයුම අත්හිටවනු ලබනවා.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශ සඳහා මෙය ක්‍රියාත්මක වන බවයි.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරිමේ කටයුතුක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: