hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:03



අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් අද (07) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

අද (07) පස්වරු 5.00 සිට හෙට (08) පෙරවරු 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

කොළඹ 11,12,13 යන ප්‍රදේශවලට සහ කොළඹ 14,15 යන ප්‍රදේශ වලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාව වෙත දැනුම් දෙන්නේ අවශ්‍ය ජලය කල් තබා රැස් කර ගන්නා ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: