2024 මාර්තු 21, පෙ.ව. 12:00
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ මෙරට දැනට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් හෙට (21) දිනයේ සිට අපේක්ෂා කරන බවයි.
ඒ අනුව නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව සඳහන් ය.
එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.
තවද, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරයි.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2026 සැප්තැම්බර් 01, ප.ව. 1:15
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 11:00
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 10:16
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:36
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26