hit counter

2026 ඔක්‍තෝබර් මස 25 වන ඉරිදා

2024 මාර්තු 22, පෙ.ව. 12:00



දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද දින සිට අපේක්ෂා කල හැකි බවත් නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සබරගමුව පළාතේ ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එහි දැක්වෙනවා.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: