hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2024 අප්‍රේල් 23, පෙ.ව. 12:00



බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් වෙනවා.

බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: