hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 29, පෙ.ව. 11:49



අයවැයෙන් පසු ආණ්ඩුවේ ඉරණම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉඟියක් පළ කර තිබුණා.

මෙවර පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන අයවැය පරාජය පත් කිරීමේ අනතුරක් තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ඔහු සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද සම්මත වූයේ ආණ්ඩු පක්ෂය බරපතල බෙදීම් රැසක් මැද බවයි.

22ට ආණ්ඩුවේ පිරිසක් සහය නොදුන් බවත් ඉදිරි අයවැයට පෙර එම කණ්ඩායම තමන්ට අමාත්‍යධූර ලබා දෙන ලෙසත් තම ඥාතීන්ට ආණ්ඩුකාර ධූර ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයාට බලපෑම් සිදු කරන බවත් ජයසුමන මන්ත්‍රීවරයා කියා සිටියා.

ඒ අනුව එම ඉල්ලීම් ඉටු නොවුණහොත් අයවැය පරාජය වීමේ තත්ත්වයක් තිබෙන බවද අයවැය දෙවරක් පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති බවද ඔහු සඳහන් කළා.

දැනට ද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බහුතරය රඳාපවතින්නේ මන්ත්‍රීවරුන් අටත් දහයත් අතර සුළු ප්‍රමාණයකින් බවද හෙතෙම පෙන්වා දුන්නා.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: