hit counter

2024 අප්‍රේල් මස 14 වන ඉරිදා

2023 අගෝස්‍තු 15, පෙ.ව. 10:27



තමාට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සමග කිසිම අර්බුදයක් නොමැති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඊයේ (14) පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

ප්‍රශ්නය –  ඔබතුමාගේ රාජ්‍ය අමාත්‍යවරිය ඩයනා ගමගේ මහත්මිය මේ ස්ථානයේදීම කිව්වා එතුමියගේ වැඩවලට ඔබතුමාගෙන් කිසි සහයෝගයක් නැහැ.ඔබතුමා ඉන්නවාද නැද්ද කියලාවත් හොයාගන්න විදිහක් නැහැ කියලා ?

“මට එතුමියත් එක්ක කිසිම අර්බුදයක් නැහැ. කාන්තාවක් සමග හැප්පෙන්න කැමති නැති නිසා.මම මගේ සැනසීම තියාගෙන බයිපාස් එකක් කළ මිනිහෙක් නිසා තවත් නිකන් ස්ට්‍රෙස් එකක් දාගන්න ඕනේ නැති නිසා මට ඇහුනේ නැහැ – දැක්කේ නැහැ වගේ ඉන්නවා. මගෙන් එතුමියට කිසිම බාධාවක් නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: