hit counter

2023 සැප්‍තැම්‍බර් මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 18, පෙ.ව. 7:23



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තමාට කළ බලපෑම්වලට අදාළ ඇමතුම් හෙළිදරව් කිරීමට සූදානම් බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදී ඔහු මෙසේද සඳහන් කළා.

“මම රන්ජන් රාමනායක කෙනෙක් වෙන්න කැමති නැහැ. මාව යවන්න එපා කියලා එතුමා මගේ නෝනට කරපු ආයාචනා මේ ෆෝන් එකේ තියෙනවා රෙකෝඩ් වෙලා. සජිත් ප්‍රේමදාස මහතාගේ අවසරය ලැබෙනවා නම් ඒ ටික මම මාධ්‍යට දෙන්නම්. මාව අයින් කළාට පස්සේ මම ආවේ නැහැ. මමයි අයින්වෙලා ආවේ. නම් කියන්න බැහැ. දැනටමත් 25ක් විතර එකඟතාවයකට ඇවිල්ලා ඉන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: