2022 සැප්‍තැම්‍බර් 02, ප.ව. 2:03
රට බංකොලොත් කිරීමේ චෝදනාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙතට සහ අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙතට එල්ල කිරීම සඳහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා.
ඒ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,
“මේ ව්‍යාපාරයක් කරගෙන යනවා ඔක්කොමල එකතුවෙලා රට බංකොලොත් කරන්න සබ්‍රි නන්දලාල් වීරසිංහ එකතු වෙලා වැඩක් කලා කියලා. මොකක්ද මේ කතාව? අනික් එක ගරු කතානායකතුමනි අපේ විපක්ෂ නායකතුමා අප්‍රේල් මාසයේ පොයින්ට් 9ක් ඉදිරිපත් කළා. එතුමා කිව්වෙ මොකද්ද එතුමා කිව්වෙ අර ණය හිමියන් සමග සාකච්ඡා කරන්න පටන් අරන් අපිට මේ ණය අත්හිටුවන්න කැමැත්ත ගන්න කියලා. ඒ කැමැත්ත ඉල්ලගන්න සබ්රි ඇමතිතුමාට වෙලාවක් තිබුණේ නැහැ. මොකද ඒ කැමැත්ත ඉල්ලන්න එදා හිටපු නිවාඩ් කබ්රාල් එතුමාට හෝ වෙන කාටවත් අවස්ථාවක් දුන්නේ නෑ ගරු කථානායකතුමනි. දැන් මේක පුදුම කතාවක්. ඒ මනුස්සයා මොනවා කරන්නද? නන්දලාල් වීරසිංහ මොනවා කරන්නද? නන්දලාල් හිටියෙත් නැහැ. ඒ නිසා අපි තාමත් මේ ප්‍රශ්නය තේරුම් ගන්නේ නැතුව එකිනෙකාට බෝම්බ ගහන්න උත්සාහ කරනවා නම් මේ ප්‍රශ්නයෙන් එළියට එන්න බැහැ.”
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
23-06-25
23-06-25
21-06-25
21-06-25
20-06-25
20-06-25
15-06-25
15-06-25
14-06-25
14-06-25
14-06-25
14-06-25
11-06-25
11-06-25
05-06-25
05-06-25
04-06-25
04-06-25
28-05-25
28-05-25
25-05-25
25-05-25
21-05-25
21-05-25