hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 19, ප.ව. 2:39



බංකොලොත් රටක මූල්‍ය මධ්‍යස්ථානයක් (finance center) අරඹනවා යැයි කීම විහිලු  කතාවක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  පාර්ලිමේන්තුවේදී පැවසුවා.

කොළඹ පෝට් සිටියේ නම කොළඹ මූල්‍ය නගරය(colombo financial city)  කියා වෙනස් කරන බව  කිව්වත් එය නොකළ යුතු දෙයක් බව තමා සිතන බව කී මන්ත්‍රීවරයා සිංගප්පූරුවේ සහ ඩුබායි වල මෙවැනි මූල්‍ය නගර පිහිටා තිබෙන බවද එවැනි නගර දෙකක් මැද්දේ තවත් මූල්‍ය නගරයක් කිරීම පහසු දෙයක් නොවේ යැයි ද පවසා සිටියා.

එන සතියේ ඩුබායි ගොස් කොළඹ මූල්‍ය නගරය කියා දෙයක් හඳුන්වා දෙන්න කවුරුන් හෝ උත්සාහ කරනවා නම් එය නැවත පරීක්ෂා කරන්නැයි ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඉන්දියාවට වත් එවැනි මූල්‍ය මධ්‍යස්ථානයක් දාගන්න බැරි වූ බව කී හර්ෂ ද සිල්වා මහතා මූල්‍ය  මධ්‍යස්ථාන දමනවාට වඩා වරාය නගරයේ Knowledge Center (දැනුම් මධ්‍යස්ථානයක්) පිහිටුවීම උචිත බවට යෝජනා කරන්නේ යැයි වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: