hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 03, ප.ව. 6:13


WhatsApp
Telegram

වසර 75 ක් තුළ සිදුව ඇති අඩු පාඩු සකස් කර ගනිමින් ඊළඟ පරපුරට අභිමානවත් රටක් බාර දීමට එක් වන ලෙස පක්ෂ විපක්ෂ සියලු දෙනා ගෙන් ඉල්ලා සිටින බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

තම දේශපාලන ජීවිතයේ කිසිදු අවස්ථාවක කිසිවෙකුට පරිභව හෝ විවේචනය නොකළ බව සිහිපත් කළ කරූ ජයසුරිය මහතා තමා කිසි විටෙක නීති විරෝධී කටයුත්තක් නොකළ බවද කියා සිටියා.

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මාදුළුවාවේ සෝභිත හිමි යෝජනා කළ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් තම දේශපාලන දිවිය කැප කළ බවත් මෙම ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය තමන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලට ලබා දුන් ගෞරවයක් බවත් ජයසූරිය මහතා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් “ශ්‍රී ලංකාභිමාන්‍ය” ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව කරූ ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: