hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 26, ප.ව. 1:31



මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙනවා.

චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇති බවයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.

ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අවධාරණය කළේ තමන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඉවත් වුවහොත් මැතිවරණයට සිදුවන්නේ කුමක්ද යන්න ඒෂියන් මිරර් මතවාද වැඩසටහනට සහභාගී වෙමින් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා අදහස් පළ කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඉල්ලා අස්වුවහොත් පුරප්පාඩුවක් සමඟ කොමිසම තිබෙන බවයි.

ව්‍යවස්ථාදායක සභාව මේවන විට පත් කර ඇති බවත් නමුත් ඒ සඳහා කාලයක් ගත වන බවත් ඔහු සඳහන් කළා.

ආණ්ඩුවට අවශ්‍ය වන්නේ පොඩි කාලයකට හෝ මැතිවරණය කල් දමා ගැනීම බවත් ජනාධීපතිවරයා කිසිදු ඡන්දයක්වත් නොතියන බව තමාගේ පුද්ගලික මතය බවත් හෙතෙම කියා සිටියා.

මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවීම සඳහා ඊයේ (25) රැස් වූ ව්‍යවස්ථාදායක සභාව ද තීරණය කර තිබුණා.

එම වැඩසටහනේ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: