hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 ජූලි 29, ප.ව. 2:13



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ සර්වපාක්ෂික සමුළුවේදී ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අදහස් දක්වමින් සිටියදී අනුප්‍රාප්තික පළමු ජනාධිපතිවරයා ඔබතුමා යැයි ප්‍රකාශ කිරීමත් සමඟ ජනාධිපතිවරයා විසින් සිය අතේ ඇඟිලි දෙකක් පෙන්වා තමා දෙවැනියා ලෙස අංගචලනයෙන් පෙන්වා තිබෙනවා.

පසුව තමාගේ කතාව නිවැරදි කර ගැනීමට වීරවංශ මහතා ද කටයුතු කළා.

මෙහිදී ජාතික නිදහස් පෙරමුණ විසින් රටේ ඒකීයභාවය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා යෝජනාවලියක් ද ජනාධිපතිවරයාට භාර දුන්නා.

මෙරට පළමුවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූයේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා මියයෑමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ ඩී. බී. විජේතුංග මහතායි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: