hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 03, පෙ.ව. 10:01



ජර්මන් ප්‍රවෘත්ති නාළිකාවක් වන DW news සමග පැවැති සාකච්ඡාවක් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිවේදකයා අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නේ දැයි මාධ්‍යවේදියා නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසන්නේ ලංකාව කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා නොයන බවයි.

ඇමරිකානු FBI ඔත්තු සේවාව මෙම ප්‍රහාරය සඳහා වෙනත් පාර්ශ්වයක් සම්බන්ධ නැතැයි තහවුරු කර ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

බටහිර මාධ්‍ය අනෙක් රටවල් දෙවන පන්තියේ ලා සලකන බවත් අනෙකා වැරදි යැයි සිතන බවත් එම පුරුද්දෙන් මිදිය යුතු බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: