hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 22, පෙ.ව. 5:08



ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කිරීමට පක්ෂ කළමනාකරණ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම තිරණය ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කළමනාකරණ මණ්ඩලයේ දී යි.

ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස කටයුතු කරනු ලබන සංචාරක හා ඉඩම් අමාත්‍ය  හරීන් ප්‍රනාන්දු මහතා  කළමනාකරණ මණ්ඩල හමුවට සහභාගී වී ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

නව සභාපතිවරයෙකු පත් කරන ලෙස කළ දැනුම් දීමට අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කිරීමට එහිදී තීරණය වී තිබෙනවා.

ලබන සතියේදි හරීන් ප්‍රනාන්දු මහතා තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසුව සාගල රත්නායක මහතා මෙම තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.

ලංකා ජාතික වතු කම්කරු සංගමය එක්සත් ජාතික පක්ෂයේ පැරණි වෘත්තීය සමිතිවලින් එකක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: