hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 පෙබරවාරි 22, පෙ.ව. 11:33



අද මුදල් අමාත්‍යංශයේ ලේකමුත්, මුද්‍රණාලයාධිපතිත්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිත්, ජනාධිපති යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේ රටේ ව්‍යවස්ථාවත්, ජනතා පරමාධිපත්‍යත්, උත්තරීතර නීතියත් උල්ලංඝනය කරමින් මැතිවරණ දින ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපතිවරයා යැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ජනාධිපතිවරණ වේදිකාවක සිටියදී ගාමිණි දිසානායක මැතිතුමා ඝාතනය කළ බවත්, ඒ ආකාරයටම මැතිවරණ වේදිකාවේ දී ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය කළ බවත් සිහිගන්වමින් ආණ්ඩුවේ ඇතමුන් මැතිවරණය පිළිබඳව පිහියක් මවා ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව එයින් අනියමින් ගම්‍ය කිරීමට උත්සාහ කරන්නේ නීතිය බවද කියා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ වාරියපොල ප්‍රදේශ පැවැති ජන හමුවකට එක් වෙමින්.

සමගි ජන බලවේගය පෞද්ගලික ව්‍යවසාය කෙරෙහි විශ්වාසය තබන බවත් රට ගොඩනැඟිය හැක්කේ ඔවුන්ට බවක් බවත් ඒ මහතා සඳහන් කළා.

සියල්ලම රජයට කළ හැකි යැයි විශ්වාස කරන්නේ නම් එය මුළාවක් බවත් එවැනි මිත්‍යාවන්ට නොරැවටෙන ලෙසද ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: