hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 09, ප.ව. 12:35



අති විශාල ඇමති මණ්ඩල නඩත්තුව පිළිබඳව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඒකමතික විරෝධය පළ කර තිබෙනවා.

අතිශය බරපතළ ලෙස රට බංකොලොත් වී ඇති මොහොතක, ජීවන වියදම අහස උසට නැග ඇති මොහොතක, ආණ්ඩුව විසින් අන්තනෝමතික ලෙසත්, සදාචාර විරෝධී ලෙසත් නියෝජ්‍ය ඇමතිවරු 37ක් තරම් විශාල ප්‍රමාණයක් පත්කොට තිබෙන බවයි එම පක්ෂය සඳහන් කරන්නේ.

මේ අතිවිශාල ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව මේ මොහොතේ රටට කිසිසේත්ම දරාගත නොහැකි අතර එය තවදුරටත් මේ රට ප්‍රපාතයට තල්ලුකර හැරීමක් බව සමගි ජනබලවේගය සඳහන් කරනවා.

මේ නාස්තිකාර තත්ත්වය පිළිබදව මතුව ඇති ජනතා විරෝධය මෙන්ම පුරවැසි අරගලයේ පරමාර්ථ උල්ලංඝනය කරමින් මෙම අති විශාල ඇමති මණ්ඩලය පත් කිරීම තුළින් ගම්‍ය වන්නේ පරණ සුපුරුදු ගමනම ආණ්ඩුව ගමන් කරමින් සිටින බව එම පක්ෂය ප්‍රකාශ කරනවා.

ඒ අනුව, මේ අතිවිශාල ඇමති මණ්ඩලය පත්කිරීම පිළිබඳව සිය විරෝධය ඊයේ (08) රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: