hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 22, පෙ.ව. 9:29



දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක වී ඇති හෙයින් එය අහෝසි කළයුතු බව එක්සත් මහජන පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඔවුන් සඳහන් කර ඇත්තේ ඒකීය රාජ්‍යයක් තුළ බලය විමධ්‍යගත කිරීමෙන් එහා ගිය බලය බෙදීමක් සදහා පුර්ණ වශයෙන් එකගතාවය පළකර සිටින බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් පැවති සර්වපාක්ෂික සමුළුවට සමගාමීව දේශපාලන පක්ෂවල මතය විමසමින් ජනාධිපති කාර්යාලය විසින් එවන ලද ලිපියට පිළිතුරු වශයෙන් එක්සත් මහජන පක්ෂය විසින් එම අදහස් සහ යෝජනා යොමු කර තිබෙනවා.

ඒ අනුව බලය බෙදාහැරීම සඳහා දිස්ත්‍රික් සභා ක්‍රමයක් යෝජනා කරන බවද එම ලිපියේ සඳහන් කර ඇත.

එක්සත් මහජන පක්ෂයේ ලේකම්වරයා වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතායි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: