hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2023 නොවැම්‍බර් 08, ප.ව. 6:22



ඉකුත් දා වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අවලංගු කරමින්, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් පත් කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකු ද ඇතුලත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව කමිටුවක් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වගවීම යන මූලධර්ම ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැපවී සිටින බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටින්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විගණනයෙන් අනාවරණය වූ කරුණු විමර්ශනයට මෙම කමිටුව පත් කර ඇති බවයි.

ඒ අනුව ඉකුත් දා අමාත්‍යවරයා විසින් පත් කළ අතුරු පාලක කමිටුවේ සාමාජිකයන් වූ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා යන අය එහි සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා.

Monara




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: