2025 සැප්‍තැම්‍බර් 21, ප.ව. 7:11
ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ සංවත්සර සම්මේලනය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසූවේ එක්සත් ජාතික පක්ෂය කිසිදු දිනක පරාජය කිරීමට කිසිවෙකුට නොහැකි බවයි.
වත්මන් ආන්ඩුවේ නගරාධිපතිවරයෙක් වන රන්ජන් ජයලාල් නැමැත්තා විසින් විදුලි වෘතිකයන් පිරිසකට දුරකථනය ඔස්සේ සිදුකල බව කියන තර්ජනය කිරීමක් පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසූවේ රන්ජන් ජයලාල්ට වඩා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චණ්ඩියෙක් බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් චාමර සම්පත් දසනායක මහතා පැවසූවේ 1989 වසරේ ඔවුන් හසු වුණේ නම් ඔවුන් අවසන් වනු ඇති බවයි.
එපමණක් නොව වර්තමාන සජබ මහලේකම් එකල රංජිත් මද්දුමබණ්ඩාරටද එකල තමා හසුවූයේ නම් තමාද අද නොමැති බව ඔහු තම කතාවේදී සිහිපත් කළේය.
කෙසේවෙතත් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය කඩිනමින් එක් විය යුතු බවත් එසේ නොමැතිව තමා ඇතුළු අනෙකුත් පක්ෂ වෙත ආරාධනා නොකරන ලෙසත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:07
19-09-25
19-09-25
17-09-25
17-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
12-09-25
12-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25