hit counter

2025 ඔක්‍තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 07, පෙ.ව. 12:01



කොටි සංවිධානය ත්‍රස්තවාදී නම් ජනතා විමුක්ති පෙරමුණ ද ත්‍රස්තවාදීන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසයි.

සිංහලයන්ට සියල්ල මතක ඇත්තේ සති දෙකක් පමණක් බවත් ඔවුන් මහින්ද රාජපක්ෂ පාවා දී නිවසින් ද එළවා දමා ඇති බවත් ඔහු සඳහන් කරයි.

දෙමළ ජනතාව මරා දැමූ පුද්ගලයා එම නිවසින් එළවා දැමීමේ නීතිය නීතිය සම්මත කර ගැනීමට තමන් ද ඡන්දය ලබා දුන් බවත් අර්ජුන් රාමනාදන් සිහිපත් කරයි.

සිංහලයන් මහින්ද රාජපක්ෂ පාවා දුන්න ද තමන් එහි දී ද දෙමළ ජනතාව වෙනුවෙන් සිය යුතුකම ඉටු කළ බවත් හෙතෙම අවධාරණය කරයි.

නෙත් FM නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් අර්ජුන් රාමනාදන් මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: