2026 අප්‍රේල් 30, පෙ.ව. 9:22
පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව සිටි භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා (30) එම හමුවට සහභාගී නොවන බව නිල වශයෙන් දැනුම් දී තිබේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කරමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, තමන්ට එම රැස්වීමට පැමිණිය නොහැකි බව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ලිඛිතව දන්වා එවා ඇති බවයි.
මුදල් පිළිබඳ කාරක සභාව සහ භාණ්ඩාගාරය අතර මෙම සාකච්ඡාව හෙට දින පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණද, ලේකම්වරයාගේ මෙම දැනුම් දීමත් සමඟ එම හමුවට ඔහුගේ සහභාගීත්වය හිමි නොවන බව තහවුරු වී ඇත.
කෙසේ වෙතත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසන්නේ භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බවයි.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:04
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:39
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:33
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:21
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:12
08-09-26
08-09-26
07-09-26
07-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26