hit counter

2026 ජූනි මස 06 වන සෙනසුරාදා

2026 ජූනි 07, පෙ.ව. 12:18



රජය මඟින් රේගු බදු අනුපාත ඉහළ දැමීමට පියවර ගත්තද, ඉන් අපේක්ෂා කළ මට්ටමින් මෙරටට වාහන ආනයනය කිරීම සීමා වී නොමැති බවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ මෙන්ම රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව හෙළි කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශකවරයා, වාහන ආනයනය කිරීම බලාපොරොත්තු වූ පරිදි පහළ බැසීමක් සිදුව නොමැති බව ප්‍රකාශ කළ අතර අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යෑමෙන් මතු වන ආර්ථික පීඩනය අවම කිරීමේ අරමුණින් මෙම බදු සංශෝධනය සිදු කළත් ආනයන සීමා කිරීම සම්බන්ධයෙන් තැබූ අපේක්ෂාවන් එම මට්ටමින්ම සාක්ෂාත් වී නොමැති බව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මීට පෙර හඳුන්වා දී තිබුණේ වෙළෙඳපොළ තුළ පවතින දැඩි තෙරපුම පාලනය කිරීම සහ ඩොලර් වෙනුවෙන් ඇති ඉල්ලුම සීමා කිරීම, රජය මඟින් රේගු බදු ඉහළ නැංවීමට බලපෑ ප්‍රධානතම හේතුවක් බවටයි.

එහෙත් රේගු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ අනුව අදාළ මූල්‍ය ප්‍රතිපත්තියෙන් අපේක්ෂිත සැබෑ ප්‍රතිඵල මෙතෙක් සම්පූර්ණයෙන්ම අත්කර ගැනීමට නොහැකි වී ඇති බව පෙනී ය‍යි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: