2026 ජූලි 13, පෙ.ව. 12:21
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් නොමැතිව මීළඟ ආණ්ඩුව පිහිටුවීමට කිසිවෙකුටත් නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පල කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පස්සර ආසන බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.
මෙරට වැඩිම ජනාධිපතිවරුන් සංඛ්‍යාවක් බිහි කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත්, රට පාලනය කිරීමට සහ ආණ්ඩු කරවීමට තමන්ගේ සහාය අත්‍යවශ්‍ය වනු ඇති බවද ඔහු පැවසුවා.
වැටී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනැඟීමේ අවස්ථාව තමන්ට ඇති බවත්, මීළඟ මැතිවරණයේදී අඩුම තරමින් මන්ත්‍රී ධුර 20ක්වත් පාර්ලිමේන්තුවට තේරී පත්කර ගැනීම තමන්ගේ බලාපොරොත්තුව බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් නොමැතිව ඊළඟ ආණ්ඩුව සෑදිය නොහැකි බවද ඔහු අවධාරණය කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා කියා සිටියේ,
“ශ්‍රී ලංකා නිදහස් පකෂය මැතිණිය සහ බණ්ඩාරනායක හදපු පක්ෂය. ජනාධිපතිවරු පස් දෙනෙක් හිටියා. චන්ද්‍රිකා දෙපාරයි, මහින්ද දෙපාරයි. මේ රටේ වෙන කිසිම දේශපාලනඥයෙක්ගේ ජනාධිපතිවරු බිහි වුනේ නෑ එහෙම…
චන්ද්‍රිකා අවුරුදු 10 යි, මහින්ද අවුරුදු 10යි. මෛත්‍රීපාල අවුරුදු 5යි, ගෝඨාභයත් අපේ දෙකේ හිටියේ. එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාහින්ද රාජපක්ෂ යටතේ හිටියේ.ඉදලා ගියා. අපේ තමයි දිගටම ජනාධිපතිවරු හිටියේ මේ අනුර කුමාරට එනකන්. ඒ පක්ෂෙට 75 පිරෙනවා සැප්තැම්බර් මාසේ 2 වැනිදා. ඒ වෙනුවෙන් ලොකු උත්සවයක් කරනවා කොළඹ මම. ඒකට පස්සර ජනතාවව සහභාගී කරවනවා.ඒක නිසා වැටිච්ච ශ්‍රී ලංකා නිදහස් පකෂය නැවත ගොඩගන්න මට අවස්ථාවක් තියෙනවා.ලබන මැතිවරණය වෙනකොට මගේ බලාපොරොත්තුව එකට වැටිච්ච ශ්‍රී ලංකා නිදහස් පකෂය අඩුම වශයෙන් පාර්ලිමෙන්තුවට මන්ත්‍රීවරු 20ක්වත් අරගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු නැතුව ඊළඟ ආණ්ඩුව හදන්න බෑ කියන එක ලියලා තියගන්න. කොයි ජනාධිපති ආවත් චාමර සම්පත් අවශ්‍ය වෙනවා කාටත් ජනාධිපතිකම කරන්නත් ආණ්ඩු කරන්නත්.”
2026 ජූලි 13, පෙ.ව. 12:27
2026 ජූලි 13, පෙ.ව. 12:15
2026 ජූලි 13, පෙ.ව. 12:11
2026 ජූලි 13, පෙ.ව. 12:10
2026 ජූලි 13, පෙ.ව. 12:08
12-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
12-07-26
10-07-26
10-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26